Saturday, මැයි 13, 2023 - 15:00
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු එම්.පී.එස්.එම්.මාරසිංහ යන නියාමක නිළධාරියා හට ඊයේ(12) අළුයම 03.00 ත් අළුයම 04.00 ත් අතර කාළය තුළදී ජැකට් සහ හිස් ආවරණ සහිතව පැමිණි නාදුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් ඔහුගේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති පුද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ගිණි අවි එල්ල කර මරණීය තර්ජන සිදුකර ඔහුට පහර දී ඇත.
එම පුද්ගලයින් මොහුට පහර දෙන අවස්තාවේදී “රටේ කුඩු නවත්තන්න බැරි එකේ බන්ධනාගාරය තුළ හෙරොයින් නැවැත්වීමට උඹ මොන මින්හෙක්ද උඹගෙ පාඩුවේ වෙන දෙයක් බලාගෙන රස්සාව කරගනින්” යනු වෙන් ප්‍රකාශකර ඔහුට තර්ජනය කර තිබේ.
නිවසට ඇතුළු වූ මෙම නාදුනන පුද්ගලයින් එම නිළධාරියාගේ මවටද පහරදී තම සහෝදරියගේ ජංගම දුරකථනයද පොලොවේ ගසා ඒ අයටද තර්ජනය කර එම නිළධාරියාව දන ගස්සවා මාංචු දමා ඡායාරූප හා වීඩියෝ දර්ශණද ලබාගෙන පලාගොස් ඇත.
මෙම සිද්ධියට මුහුණ දුන් බන්ධනාගාර නියාමකවරයා විසින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් පැම්ණිලි කර ඇති අතර දැනට මිනුවන්ගොඩ රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මූලික විමර්ශණයක් නව මැගසින් බන්ධනාගාරය විසින් ආරම්භ කර ඇත.
නව අදහස දක්වන්න