Saturday, මැයි 13, 2023 - 19:00
මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ රුපියල් මිලියන දෙසීයක වියදමින් ඉදි කළ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම අද(13) සිදු විය. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම ගොඩනැගිල්ල කාමර 52කින් යුක්ත වන අතර අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල සියලු පහසුකම්වලින් සමන්විත ව නිමවා ඇත.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බංග්ලාදේශ මහකොමසාරිස් තාරික් මුහම්මඩ් ආරිෆුල් ඉස්ලාම් යන මහත්වරු සහභාගි වූහ.
මීට සමගාමී ව මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද සිදු විය.
නව අදහස දක්වන්න