Saturday, මැයි 13, 2023 - 13:00
ග්‍රේට් වෙස්ටර්න් සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ (මැයි 12) සවස සිට බාධා එල්ල වුණු අතර මේ දක්වා එය යථාතත්ත්වයට පත් කර නොමැත.
මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ කොටුවෙන් පිටත් වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන අතර බදුල්ලෙන් පිටත් වන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ නතර කර තිබෙයි.
මෙම දුම්රිය ස්ථාන දෙක අතර මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා මගී ප්‍රවාහන බස් රථ යොදවා ඇත.
කෙසේවෙතත් හැකි ඉක්මනින් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
නව අදහස දක්වන්න