Saturday, මැයි 13, 2023 - 01:00
නවගත්තේගම වෙලේවැව සමෘද්ධි බැංකුවේ සිදුව ඇති රුපියල් ලක්ෂ 45කට අධික වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය එහි කළමනාකාරිනිය ඇතුළු පස්දෙනකු පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇත.
සමෘද්ධි බැංකුවේ කළමනාකාරිනිය, සමෘද්ධි බැංකුවේ මුදල් අයකැමිවරියන් දෙදෙනකු, සමෘද්ධි සංවර්ධන නිලධාරියකු සහ වැඩ තහනමට ලක්ව සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරියකු වශයෙන් මෙම පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩ තහනමට ලක්වූ සැකකරු හැරුණුකොට සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විටත් සේවයේ නිරතව සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
ගයාන් කුමාර වීරසිංහ
නව අදහස දක්වන්න