අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (12) පැවති අතර, ඉන් පසුව යෝජනාව සඳහා ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
එමෙන්ම දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනා සම්මතය සඳහාද පාර්ලිමේන්තු අනුමැතිය හිමි විය. එමෙන්ම දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනා සම්මතය සඳහාද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
රුපියල් බිලියන දහසකට නොවැඩි මුදලක් ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් ණයට ගැනීමටත් එම කාර්යය සඳහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 2(1) වගන්තිය යටතේ අවශ්‍ය සියලු අවසර මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙත ලබාදීමටත් මෙමඟින් යෝජනා කිරීම සිදු විය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න