රාගල සතොසෙන් කෝටි එක හමාරක බඩු පැන්නූ හිටපු දෙවැනියා කොටු | දිනමිණ

රාගල සතොසෙන් කෝටි එක හමාරක බඩු පැන්නූ හිටපු දෙවැනියා කොටු

ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ රාගල අලෙවි සලේ සිදුව ඇති රුපියල් කෝටි එක හමාරකට (රු. 15,113,012ක්) අධික භාණ්ඩ තොග වංචාවකට සැකපිට එහි හිටපු සහකාර කළමනාකාරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පදියපැලැල්ලේ පදිංචිකරුවකු වන කේ.ඒ.බී. දිසානායක (47) නමැති අයෙකි.

රු. 15,113,012ක් වටිනා භාණ්ඩ තොග කාලයක් තිස්සේ මෙම සැකකරු විසින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

නව අදහස දක්වන්න