ජනාධිපතිවරයා හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡා ඉතා ඵලදායි මට්ටමක පැවති බවත් ඉදිරි දිනවල පැවැත්වෙන සාකච්ඡාවලදී දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සපයා ගැනීමට හැකි වෙතැයි දෙමළ දේශපාලනඥයන් විශ්වාස කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.
දෙමළ දේශපාලන පක්ෂ 7ක නායකයන් හා ජනාධිපතිවරයා අතර කොළඹදී සාකච්ඡාවක් පෙරේදා (11) ආරම්භ වූ අතර, එම සාකච්ඡාවන් දින තුනක් පුරා පැවැත්වීමට සැලසුම් කොට තිබේ. සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා කියා සිටියේ පළමු දිනයේ පැවති සාකච්ඡාවේදී දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, උතුරේ ඉඩම් ප්‍රශ්නය, තස්තවාදය වැළැක්වීමේ නව පනත පිළිබඳ ජනාධිපතිවරයා සමඟ ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවයි.
ඊට අමතරව උතුරු නැඟෙනහිර ජනතාව ආගමික ස්ථාන සම්බන්ධයෙන් මුහුණ පා සිටින ගැටලු සහගත තත්ත්වයත් වර්තමානයේ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පසුව පැවැත්වෙන සාකච්ඡාවලදී උතුරු නැඟෙනහිර පළාත්වලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් වන කරුණු හා සෙසු දේශොලන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කී සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා මේ සාකච්ඡාවලින් දෙමළ ජනතාවට විශාල සහනයක් හා දේශපලන ප්‍රශ්නවලට විසඳමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි දෙමළ දේශපාලන නායකයන් විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය. පසුව පැවැත්වෙන සාකච්ඡාවලින් ලැබෙන තීන්දු හා තීරණ දෙමළ ප්‍රශ්නය විසඳීම සඳහා ඉතා තීරණාත්මක විසඳුම් වන බවට ඔවුන් විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්
නව අදහස දක්වන්න