Saturday, මැයි 13, 2023 - 01:00
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට විශ්වවිද්‍යාලය තුළ සිදු විය හැකි හදිසි අනතුරු හා එවැනි අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය චන්දිමා හේරත් මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය මේ හදිසි ප්‍රතිකාර දීමේ පුහුණු වැඩමුළුව සංවිධාන කරනු ලැබීය. මේ සඳහා සම්පත් දායකත්වය මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු දස දෙනකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් විසිනි.
අසේල කුරුළුවංශ
නව අදහස දක්වන්න