ඉන්දියාවෙන් ආදරයෙන් පවුල් 100කට වියළි ආහාර | දිනමිණ

ඉන්දියාවෙන් ආදරයෙන් පවුල් 100කට වියළි ආහාර

'ඉන්දියාවෙන් ආදරයෙන්' තේමාවෙන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන පවුල් 100කට වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක් දළදා මාලිගාවේ මණ්ඩපයේදී පසුගියදා පැවැත්විණි. මේ උත්සවය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහ ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී සංකේතාත්මකව සිංහල, දෙමළ සහ මුස්ලිම් පවුල් 10කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දුන්හ. අනතුරුව ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු සෙසු පවුල්වල සාමාජිකයන්ගේ නිවෙස්වලටම ගොස් ආහාර මලු බෙදා දීමට කටයුතු කළහ.

ඡායාරූපය - රුවන් මීගම්මන

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න