කොළඹ දිස්ත්‍රික් ලේකම්ගෙන් මාර්ග සංවර්ධන අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නියෝග
නවගමුව, රණාල සුදවිල බෝධිය අසල කැලණි ගං ඉවුර විශාල ලෙස නාය යෑම නිසා ඒ අසල ගං ඉවුරේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිංහ මහතා මාර්ග සංවර්ධන අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඊයේ (12) නියෝග කළේය.
එම ස්ථානයේ කැලණි ගං ඉවුරෙහි විශාල කොටසක් පෙරේදා (11) සවස නාය ගොස් ඇති බැවින් එම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරයා පැමිණි අවස්ථාවේදී මේ නියෝගය නිකුත් කරන ලදි.
අදාළ ස්ථානයේ මීටර් තුන්සියයක පමණ දෙපසට ස්ථාවර අනවසර වෙළෙඳසල් හතක් පමණ ඉදිකර ඇති බවත්, යම් හෙයකින් අදාළ ස්ථානය යළි නාය ගියොත් විශාල විනාශයක් සිදු විය හැකි බවත්, මේ වෙළෙඳසල් වහාම ඉවත් කර කැලණි ගං ඉවුරට සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වහාම සිදු කරන ලෙසත් මෙහිදී දිස්ත්‍රික් ලේකම් විජේසිංහ මහතා බලධාරීන්ට දැනුම් දීමට කටයුතු කළේය.
මේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, නවගමුව පොලිස් ස්ථානාධිපති ලයනල් සේනානායක මහත්වරු ද සහභාගී වූහ.
මීගොඩ බී. කේ. කත්‍රිආරච්චි සහ
නවගමුව සුගත් ප්‍රේමතිලක
නව අදහස දක්වන්න