Saturday, මැයි 13, 2023 - 01:00
සම්බුදු තෙමඟුල වෙනුවෙන් මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය සංවිධාන කළ මල් දන්සල මාතර බෝ සමිඳු අබියසදී පැවැත්විණි. දිසා කොමසාරිස් පී.එච්. සුදත් මංගල මහතාගේ මඟ පෙන්වීමෙන් මෙය පැවැත්විණි. විධායක කමිටු සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමිත් කරුණාරත්න, සහාය දිසා කොමසාරිස් (පුහුණු) මනෝජ් සංජය ගීගනගේ, සහාය දිසා කොමසාරිස් (පෝතක) අරුණා පද්මිණී, සහාය දිසා කොමසාරිස් (සිඟිති) චන්ද්‍රිකා ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන්, බාලදක්ෂ බාලක බාලිකාවෝ රැසක් දන්සලට එක්වූහ.
නව අදහස දක්වන්න