දෙල්ගොඩ පනන්වල පුරාණ කතරගම දේවාලයේ විශාල නුග ගසක් ඉකුත් 11වැනිදා සවස 5.00ට පමණ නිවාස තුනක් හා ත්‍රිරෝද රථ දෙකක් මතට ඉදිරී කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු රෝහල් ගතකර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා ඊයේ (12) පැවැසීය.
මෙම අනතුර හේතුවෙන් රෝහල්ගත කළ වයස අවුරුදු හැට හයක කාන්තාවක් අසාධ්‍ය තත්වයෙන් ගම්පහ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තුවාල ලැබූවන් ගම්පහ, රාගම සහ උඩුපිල රෝහල්වලට ඇතුලත් කර ඇත. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ නුග ගසේ මුල් අවට පස් බුරුල් වී ඉදිරී කඩා වැටී නිවාස මතට පතිත වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. අනතුරින් නිවාස දෙකක් පූර්ණ හානි ලෙසත් එක් නිෙවසක් අර්ධ හානි ලෙසත් ගසේ අතුවලට යටවීමෙන් ත්‍රිරෝද රථ දෙකකටත් හානි සිදුව ඇති බව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරී කමල් සෝලංගආරච්චි මහතා පැවසීය.
වසර 500ක් පමණ පැරණි නුග ගස වට අඩි 15ක් පමණ වන බවත් ගස මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට අදාළ ආයතන දැනුම්වත් කර තිබුණත් ඉන් පලක් නොවූ බවත් 399/ඒ පනන්වල ග්‍රාම නිලධාරිනී එම්.ඒ.එන්.කේ. පෙරේරා මහත්මිය පවසයි.
සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමුහ
මහානාම විතානගේ - මල්වාන සමුහ
නව අදහස දක්වන්න