යතුරුපැදිය ලිස්සා ඇද වැටී රෝහල්ගත කළ ව්‍යාපාරිකයා මරුට | දිනමිණ

යතුරුපැදිය ලිස්සා ඇද වැටී රෝහල්ගත කළ ව්‍යාපාරිකයා මරුට

දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ අලුත්ගම සිට වැලිපැන්න දෙසට යතුරුපැදියෙන් ගමන් ගත් පුද්ගලයෙකු පෙරේදා (11) රාත්‍රී 11.30ට පමණ බොන්දුපිටිය මංසන්ධිය ආසන්නයේදී යතුරුපැදිය මාර්ගයෙන් ලිස්සා යෑමෙන් ඇද වැටී සිදුවූ තුවාල හේතුවෙන් යතුරුපැදිකරු අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අලුත්ගම පොලිසියේ රථවාහන අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 203ඒ, නුගගහලන්ද, මීගම දර්ගානගරය ලිපිනයේ පදිංචිව සිටි විවාහක දියණියන් පස්දෙනකුගේ පියකු වන ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක නියුතු පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

එදින රාත්‍රියේ විටින්විට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ලිස්සා යාමෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට පත් තුවාල ලැබූ පුද්ගලයා රාත්‍රියේම දන්නා හඳුනන අයෙකුගේ මාර්ගයෙන් දර්ගා නගරය නුගගහලන්ද නි‍ෙවසට ගොස් කිසියම් බාහිර ප්‍රතිකාරයක් සිදුකර පසුව රෝහල්ගත කිරීමේදී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය අලුත්ගම රෝහලේදී බේරුවල හදිසි මරණ පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආදායම් බලපත්‍ර ශික්ෂණ රෝහල වෙත යොමු කරන්නයි අලුත්ගම පොලිසියට නියෝග කර තිබේ.

 

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

නව අදහස දක්වන්න