Òමගේ වයස අවුරුදු 68 යි. පුතාලා දෙන්නගේ වයස අවුරුදු 42 යි.ඒ දෙන්නා නිවුන්නු. දෙන්නම ඉපදුනේ මන්ද මානසික දරුවන් විදියට. දරු දෙන්නා උපන්දා පටන් අද දක්වාම ඒ දෙන්නා ජීවත් කරවන්න මම මහා දුක් කන්දරාවක් විඳිනවා. මේ දෙන්නගේ තාත්තා මිය ගිහින් අවුරුදු 30 ක් විතර වෙනවා. එයා නැතිවුණේ දියවැඩියා රෝගය උත්සන්න වෙලා. පුතාලා දෙන්නටත් ඒ ලෙඩේම හැදුනා. පොඩි පුතාට දියවැඩියාව හැදුනේ 2001අවුරුද්දේ. ලොකු පුතාට හැදුනේ 2009. ඒ දෙන්නටම නුවර ඉස්පිරිතාලේ සායනයෙන් බෙහෙත් ගන්නවා. දෙන්නටම ඉන්සියුලින් විදිනවා. ඉතින් ඉන්සියුලින් විදපු ගමන් ඒ අයට මොනවා හරි අනිවාර්යෙන්ම කන්න දෙන්න ඕනෑ. දැන් ඉස්පිරිතාලෙත් සමහර බෙහෙත් වර්ග නැහැ. ඒවා පිටින් ගන්න ලොකු මුදලක් යනවා. ඒ නිසා මම ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ. මම මැරුණොත් දරු දෙන්නට යන කලදසාව ගැන හිතන විට පපුව පිච්චිලා යනවා.Ó
හැඩිදැඩි සිරුරුවලින් යුක්ත වූ මේ දරුවන් දෙදෙනාත් ඔවුන් රැකබලා ගන්නා මවත් ගෙවනු ලබන්නේ කටුක දිවි පෙවෙතකි. ඇස්බැස්ටෝස් සීට් හා තහඩු සෙවිලි කළ නිවෙස සම්පූර්ණයෙන්ම දුර්වර්ණව තිබුණි.
ඇස් දෙකවන් තම දරුවන් දෙදෙනා ගැනත් ඇය පත්ව සිටින අපහසුතාවය ගැනක් වැඩිදුරටත් අදහස් පළ කළ ප්‍රේමලතා මහත්මිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.
මම කැමැතියි මේ දෙන්නා නිවාසයකට දාන්න. නමුත් දරුවෝ දෙන්නට මාව නැතිව ඉන්න බැහැ. මටත් එහෙමම තමයි. මම ජීවතුන් අතර ඉන්නාතුරු දරුවෝ දෙන්නා බලාගන්න පුළුවන්. නමුත් මම මැරුණු දවසක මේ දෙන්නට යන කලදසාව ගැන හිතන විටත් කියන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. අපේ ගෙදර වහලේ තැනින් තැන තෙමෙනවා. ඒ වගේම දොර ජනෙලුත් දිරලා තියෙන්නේ. මේවා අලුත්වැඩියා කරගන්න අපිට ශක්තියක් නැහැ. අපි පත්ව සිටින තත්ත්වය ගැන බලලා කවුරු හරි උදව් කරනවා නම් ඒක ලොකු පිනක් කියල තමයි කියන්න තියෙන්නේÓ යැයි ඇය අවසාන වශයෙන් කියා සිටියාය. උපන් ගමන් දරුවෝ මරා දමන, මහ මඟ කුණු බක්කිවලට දරුවන් දමා යන මවුවරුන් සිටින අප රටේ සැමියාවත් නොමැතිව වසර 42ක් වැනි දීර්ඝ කාලයක් පුරා රෝගීව සිටින පුතුන් දෙදෙනා රැක බලා ගනිමින් ප්‍රේමලතා මහත්මිය ගෙවන ජීවිතය ගැන සමාජයේ කතාබහට ලක්විය යුතුමය. ඇය ඇත්තෙන්ම දිරිය මාතාවකි.
ප්‍රේමලතා මහත්මියට යම්කිසි උදව් උපකාරයක් කළ හැකිනම් ඇගේ දුරකතන අංකයට කතා කරන මෙන් අපි ඉල්ලා සිටිමු. දුරකතන අංකය -(0757652879)
එස්. ජී. විජේරත්න - කටුගස්තොට සමූහ
නව අදහස දක්වන්න