අලුත්ගම නව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේශ් රත්නසිංහම් මහතාව පත් කර තිබේ.
ඒ මෙම තනතුරේ රාජකාරී කරමින් සිටියදි හදිසියේ අභාවප්‍රාප්ත වූ අලුත්ගම හිටපු පොලිස් ස්ථානාධිපති පියංක කුමාර අත්තනායක මහතාගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහාය. අලුත්ගම නව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිංහම් මහතා පසුගියදා (6) දින පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සර්ව ආගමික ආශිර්වාදය මැද සිය ධුරයේ රාජකාරි ඇරඹීය.
රත්නසිංහම් මහතා 1990.04.16. දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී පොලිස් පරීක්ෂක නිලයට පත්ව අනතුරුව 2020.01.01 දින ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයට උසස් වීමක් ලබා තිබේ. ඉන් අනතුරුව ඒ මහතා මුලතිව් පොලිස් කොට්ඨාසයට අයත් මුල්ලියාවේලි, පිටබැද්දර, මහරගම යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා ලෙසද වසර ගණනාවක් රථවාහන අංශයන්හි රාජකාරි කර තිබෙන අතර, පොලිස් හදිසි ඇමතුම් අංශයේත් සිය රාජකාරි ඉටු කරමින් පොලිස් දෙපාර්තමේන්තුවට වසර 33ක විශිෂ්ට සේවයක් සිදු කර තිබේ. ඔහු මාතර රාහුල විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.
අලුත්ගම
තුසිත කුමාර ද සිල්වා
නව අදහස දක්වන්න