පාරිභෝගික සේවා කටයුතු පනතට පටහැනිව හැටන් නගරයේ සමෙහි අලේප කරන ක්‍රීම් සහ දියර වර්ග අලෙවි කළ වෙළෙන්දකු නීතියේ රැහැනට 11 දින කොටු කර ගැනීමට හැකි වූ බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරී අමිල රත්නායක මහතා පැවසීය.
පාරිභෝගික සේවා අධිකාරිය මඟින් 2018 මැයි 03 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට පටහැනිව හැටන් නගරයේ වෙෙළඳ සැලක සමෙහි ආලේප කරන ක්‍රීම් සහ දියර වර්ග අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත වැටලීම සිදු කළ බවත්, එම වැටලීමේදී නිෂ්පාදිත ආයතනය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, සන්නාමය, මෙරටට ආනයනය කළ සමාගම, ප්‍රමිතිකාර්යාංශයේ සහතිකය සහ මෙරට බෙදාහරින සමාගමේ නාමය, ක්‍රීම් සහ දියර වර්ග භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් පත්‍රිකාව නොමැතිව අලෙවි කරමින් සිටි බවයි වැටලීම සිදු කළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කියා සිටියේ.
තම භාරයට ගත් ආනයනය කරන ලද ක්‍රීම් සහ දියර වර්ග තොගයේ වටිනාකම රු ලක්ෂ හතරක් පමණ වන බවත්, පාරිභෝගික සේවා ආඥා පනතට පටහැනිව ක්‍රීම් වර්ග සහ දියර වර්ග අලෙවි කළ වෙළෙන්දා බැඳුම්කරයක් මත මුදාහැර සැකකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ප්‍රධානි අමිල රත්නායක මහතා කියා සිටියේ.
හැටන් - රංජිත් රාජපක්ෂ
නව අදහස දක්වන්න