වෛද්‍යවරු තිදෙනෙක් හෙද නිලධාරිණියන් හයදෙනෙක් ඇතුළු විසි දෙෙනකුගෙන් සමන්විත මහපල්ලේගම ප්‍රාදේශීය රෝහලෙහි අඩුපාඩු රැසක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. කඩා වැටුණු මෘත ශරීරාගාරය වෙනුවට නව ගොඩනැඟිල්ලක් ඉදිකර වසර විසිපහක් පමණ ගතව ඇත. එහි අධිශීතකරණයක්, ජල සැපයුම සහ විදුලි බලය සපයා නොදීමෙන් විවෘත කිරීම ප්‍රමාද වී ඇත.
හදිසියේ රෝගියකු මියගිය විට මෘතශරීරය තබනුයේ රෝගීන්ගේ තුවාලවලට බෙහෙත් දමන කාමර තුළය. එවිට බෙහෙත් දැමීම සිදු කෙරෙනුයේ එළිමහනේය. ගොඩනැඟිල්ලක් නොමැතිකම නිසා මෙහි දිනපතා සායන කටයුතු සිදු කෙරෙනුයේ එළිමහනේ ඇති කොරිඩෝව තුළය.
පසුගිය වසරෙහි දෙමහල් ගොඩනැඟිල්ලක් මෙහාට පාස් වුනා ඒක තවම ඉදිකර නැහැ. වැසිකිළි කැසිකිළි පහසුකම් නැහැ. කාර්ය මණ්ඩලයට විවේකාගාර ඇඳුම් මාරු කිරීමට ස්ථාන නැහැ. ආරක්ෂක ගේට්ටු සවිකර නැහැ. ඒවගේම බෙහෙත් වර්ග නොමැතිකම නිසා අධික ලෙස මුදල් ගෙවා ඔසුසල්වලින් ගැනීමට සිදුව ඇති බවත් රෝගීහු පවසති. දිනකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ග්‍රාම සේවා වසම් පහළොවකින් පමණ විශාල පිරිසක් මෙහි පැමිණෙන හෙයින් අඩුපාඩු සපුරාලීම වගකිව යුත්තන්ගේ යුතුකමකි.
දයාරත්න බණ්ඩාර - කෑගල්ල දිස්ත්‍රික් සමූහ
නව අදහස දක්වන්න