අබිරහස් ලෙස මියගිය යාපනයේ උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ මළ සිරුරක් ඇගේ නිෙවසට පිටුපස ළිඳකින් පෙරේදා (11) හමු වී තිබේ.
යාපනයේ උරුම්පිරායී ගම්මානයේ පදිංචි වයස අවුරුදු 37ක මෙම සේවිකාව රාත්‍රී ආහාරය ගෙන පවුලේ අය සමඟ නින්දට ගොස් ඇති අතර, පසුදා උදෑසන ඇය නිදා සිටි ස්ථානයේ නොමැති නිසා පවුලේ උදවිය ඇයව සොයන විට ඇගේ මළ සිරුර ළිඳක තිබෙනු දැක තිබේ.
වහාම මේ පිළිබඳව කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ ඇගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත බාර දී තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ දරුවන් තිදෙනකුගේ මවක් වූ ආර්. නියාලිනි (37) නමැති අයෙකු වන අතර, ඇය යාපනය උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ස්ථාන මාරුවීමක් ලබා ගෙන පැමිණ ඇත්තේ මීට මාස හතරකට ඉහතදී බවට තොරතුරු හෙළි වී තිබේ.
යාපනයේ කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ
නව අදහස දක්වන්න