රාජ්‍ය දේපළ විකිණීම යහපත් බව ජනතාව අද ප්‍රකාශ කරනවා ඇමැතිනී, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි | දිනමිණ

රාජ්‍ය දේපළ විකිණීම යහපත් බව ජනතාව අද ප්‍රකාශ කරනවා ඇමැතිනී, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි

මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය වැඩි කරගැනීමට අවම වශයෙන් සංචාරකයන් මිලියන 10ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කළ යුතු බව වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී, නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඇමැතිනිය මේ බව පැවැසුවේ පසුගියදා (05) ගල්ඔය පාරිසරික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව සහ සංචාරක බංගලා දෙක විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය මෙලෙස ද කීවාය.

"මෙහි එක් පියවරක් ලෙස සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීමට අවශ්‍ය වන ගහනය සහ වන ජීවී සම්පත් ප්‍රමාණය වැඩි කිරීමට අවධානය යොමු වී තිබෙනවා. වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මගේ කෘතවේදීත්වය පළ කරනවා. එම නිලධාරීන්ගේ අභිවෘද්ධියට සිය උපරිම දායකත්වය දෙනවා. ගල්ඔය පාරිසරික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කිරීම පෙරළියක ඇරඹුමක්. ඉදිරියට පැමිණෙන්නේ පරිවර්තන රැසක් සිදු වන යුගයක්. අද වන විට ජනතාවගේ ආකල්ප සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වී තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් තිබූ විරෝධාකල්ප වෙනස්වී එසේ පෞද්ගලීකරණය වීම යහපත් බව ජනතාව දැන් ප්‍රකාශ කරනවා."

මේ අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, උතුරුමැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ජී. ජී. චන්ද්‍රසේන, ඇළහැර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජානක නලීන්කුමාර, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක පියතිස්ස බණ්ඩාර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එම්. ඒ. බණ්ඩාර, එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද ජයරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

 

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න