සිව්වැනි වරට පැවති ආසියානු ප්‍රංශ සවාට් කික් බොක්සිං ශූරතාවලියේදී පදක්කම් 10ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට්හිදී පැවති තරගාවලියේදී ශ්‍රී ලංකා රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත්තේය. එහිදී අංජුල පත්මසිරි (ජ්‍යෙෂ්ඨ පිරිමි කි.ග්‍රෑ.60) සහ උදිත ජයරත්න (කනිෂ්ඨ පිරිමි කි.ග්‍රෑ.36) රන් පදක්කම්වලට හිමිකම් කී අතර, ලසික මධුශාන් (ජ්‍යෙෂ්ඨ පිරිමි කි.ග්‍රෑ.65), මොහොමඩ් ශාමික් (ජ්‍යෙෂ්ඨ පිරිමි කි.ග්‍රෑ.52), තුෂාරී ප්‍රනාන්දු (කනිෂ්ඨ කාන්තා කි.ග්‍රෑ. 39) සහ සිරාජ් අබ්දුල්ලා (කනිෂ්ඨ පිරිමි කි.ග්‍රෑ.32) රිදි පදක්කම් දිනා ගත්හ.
ශ්වේතා සමරවීර (කනිෂ්ඨ කාන්තා කි.ග්‍රෑ.48), අබ්දුල් රශීඩ් (කනිෂ්ඨ පිරිමි කි.ග්‍රෑ.48), මින්හාජ් මුහාවියා (කනිෂ්ඨ පිරිමි කි.ග්‍රෑ.28) සහ මින්හාජ් යූසුෆ් (කනිෂ්ඨ පිරිමි කි.ග්‍රෑ.34) ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
නව අදහස දක්වන්න