කණ්ඩායම් 32ක සහභාගිත්වයෙන් පැවති මවුපිය උපහාර එල්ලේ තරගමාලාවේ ශූරතාව දිනා ගැනීමට පේරලන්ද සාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය සමත් විය.
වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ අවසන් තරගයේදී සාන්ත අන්තෝනි පිල හමුවේ ජොසිටා වත්ත රෂ්මි ක්‍රීඩා සමාජය පරාජයට පත් විය. ශූරයන් වූ සාන්ත අන්තෝනි පිලට කුසලානය සමඟ රුපියල් ලක්ෂයක් හිමි වූ අතර, අනුශූරයන්ට රුපියල් 50,000ක් හිමි විය.
අවසන් මහ තරගයේ වීරයා, තරගාවලියේ වීරයා, තරගාවලියේ හොඳම ධාවකයා, තරගමාලාවේ හොඳම පිතිකරු, තරගාවලියේ හොඳම පසු පන්දු රකින්නා, තරගමාලාවේ හොඳම කඩඉම් රකින්නා සම්මාන සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ දිනාගත් අතර, තරගාවලියේ හොඳම උඩ පන්දු රකින්නා සම්මාන රෂ්මි පිලට හිමි විය.
සාලින්ද නාත්තන්ඩිගේ ප්‍රමුඛ පවුලේ සැමගේ අනුග්‍රහයෙන් මේ තරගාවලිය පැවැත්විණි.
නව අදහස දක්වන්න