උතුරු පාකිස්තානයට 6.8ක භූ කම්පනයක් 13ක් මරුට තුවාලකරුවෝ 200කට වැඩියි | දිනමිණ

උතුරු පාකිස්තානයට 6.8ක භූ කම්පනයක් 13ක් මරුට තුවාලකරුවෝ 200කට වැඩියි

උතුරු පාකිස්තානයේ ඇෆ්ගනිස්තාන හා ටජිකිස්තාන දේශසීමාව ආසන්නයේ පෙරේදා රාත්‍රී සිදු වූ රිච්ටර් මාපකයේ 6.8ක අගයක් සටහන් කළ භූ කම්පනයෙන් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම දේශසීමාව අසල පිහිටි කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයට දැඩි ලෙස බලපෑ මේ භූ කම්පනය අසල්වැසි ඉන්දියාවේ නවදිල්ලිය ඇතුළු උතුරු පළාතටත් දැනී ඇති අතර, එම කලාපයේ නිවාස හා නිවාස සංකීර්ණවල පදිංචිකරුවන් එළිමහනට වී නිදි වර්ජිතව රැය පහන් කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින් කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම ප්‍රාන්තයේ රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. භූ කම්පනයෙන් උතුරු පාකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ දේශසීමා ආසන්නයේ පිහිටි නිවාස සහ ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇතැයි ද, තවත් නිවාස හා ගොඩනැගිලි රැසක් ඉරිතලා ගොස් ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කළේය. පාකිස්තානය අවට පිහිටි රටවල් වන උස්බෙකිස්තානය, කසකස්තානය, කිර්ගිස්තානය ඇතුළු රටවල් කිහිපයකට ද භූ කම්පනයේ ප්‍රබලත්වය ව්‍යාප්ත වී තිබු බවට තොරතුරු පළ වී ඇත.

නව අදහස දක්වන්න