ගිනස් ලෝක වාර්තා ගිය ලොව වඩාත් නොමේරූ දරු දෙදෙනා | දිනමිණ

ගිනස් ලෝක වාර්තා ගිය ලොව වඩාත් නොමේරූ දරු දෙදෙනා

ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස, කැනඩාවේ සිඟිති පුතකු සහ දියණියක ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මීට පෙර නොමේරූ නිවුන් දරුවන් ලෙස ගිනස් ලෝක වාර්තා අතර සිටියේ පසුගිය 2018 වසරේදී දින 125 කින් උපන් ඇමෙරිකාවේ අයෝවා ජනපදයේ නිවුන්නු වේ.
 
මෙම ගිනස් ලෝක වාර්තා අතරට එක් වූයේ දින 126 කදී උපන් ආඩියා සහ ආඩිරයෙල් නඩරාජා යන සිඟිති පුතා සහ දියණිය යි.
 
මෙම පුතා සහ දියණියගේ දිවි බේරා ගැනීමට සති 22 ක් පුරා වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දරා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙම දරුවන්ගේ මව ෂකිනා රාජේන්ද්‍රම් පැවසුවේ සති 21 ක් සහ දින පහක් තුළ ප්‍රසව ආරම්භ වූ විට, ළදරුවන් "ශක්‍ය නොවන" බවත් "ජීවත් වීමට 0% අවස්ථාවක්" ඇති බවත් වෛද්‍යවරු ඇයට පැවසූ බවයි.

නව අදහස දක්වන්න