Tuesday, ජනවාරි 31, 2023 - 13:54
කැස්බෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සේවකයකු අද ( 31 ) අළුයම එහි සිවුවන මහලෙන් වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
මේ අයුරින් අබිරහස් ලෙස මියගොස් ඇත්තේ මාතර, දෙණිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවු. 27 ක් වන තරංග නැමැත්තෙකු බව පොලීසිය හදුනාගෙන ඇත. හෝටලයේ හිමිකරු මෙම සිද්ධිය පිළිබද කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ අරඹා තිබේ.
ඒ අනුව ඔහුට අයත් රෙස්ටුරන්ට් ආයතනයේ මියගිය සේවකයා එදින රාත්‍රී 1.50 ට පමණ සිවුවන මහලේ සිට බිමට වැටී තුවාල ලබා සිටන බව වෙනත් සේවකයෙකු ආයතන හිමිකරුට දන්වා ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන ඇත. අනතුරුව ඔහු තම ආයතනය වෙත පැමිණ තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අළුයම 3.00 ට පමණ මියගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙලිවී ඇත.
ඒසේම එදින රාත්‍රී 12.30 ට පමණ මරණකරු සමග අනෙකුත් සේවකයින් හෝටලයේ පිහිටි 03 වන මහලේ කාමර වෙත නින්දට ගොස් ඇති අතර, මියගිය සේවකයා වෙනම කාමරයක සිට ඇති බවත් පරීක්ෂණ වලින් හෙලිවී තිබේ. ඉන් පසු අළුයම 1.50 පමණ යාබද කාමරයේ සිටි අයට පහලින් යමෙකු කෙදිරිගාන ශබ්දය ඇසී බැලීමේදී මරණකරු ගොඩනැගිල්ලෙන් පහතට ඇද වැටි සිටින බව ඇක ඇතැයිද පරීක්ෂණ වලින් හෙලිවී ඇත.
තවද මරණකරුගේ පාවහන් යුගල සහ ජංගම දුරකථනයද සිවුවන මහලේ තිබී සොයාගත් බවත් පොලීසිය පැවසිය.
මෙම මියගිය පුද්ගලයා උඩුමහලේ සිට වැටුනාද, පැන්නාද නැතහොත් වෙනත් සිදුවීමක්ද යන්න සොයාබැලීමට මෙවන විට විමර්ෂණ අරඹා ඇති බව කැස්බෑව පොලිසිය පවසූහ.
නව අදහස දක්වන්න