වැස්ස වැඩි වෙයි | දිනමිණ

වැස්ස වැඩි වෙයි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී අද (25) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
නැගඟෙනහිර සහ ඌව පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදැසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න