ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
ගුවන් නියමුවන් හා ගුවන් ගමන් පාලකවරුන් පුහුණු කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
සෑම සුවිශේෂී ක්ෂේත්‍රයකම වැඩි වෘත්තිකයන් ප්‍රමාණයක් පුහුණු කළ යුතුව තිබෙන අතර, එම පුහුණු කිරීමේදී සිවිල් ගුවන් සේවා අධිකාරියට සුවිශේෂී වූ වගකීමක් තිබෙන බවද වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
එහිදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය.
“ගුවන් නියමුවන් ඉල්ලා අස් වෙලා යනවා කියලා අපට කටාර් එයාර් ලයින්ස්වල, එමිරේට්ස්වල, එතිහාඩ්ස්වල දෙන පඩිය දෙන්න පුළුවන් කමක් නෑ. ඒ රටවල ඛණිජ සම්පත් තිබෙනවා. ඒ රටවලට ශක්තිමත් වුණු ආර්ථිකයක් තියෙනවා. එසේ නොවුණු තැනක ඉන්න අපට ඒ වැටුප් දෙන්න හැකියාවක් නෑ. ඒ නිසා අප අලුත් ක්‍රමවේදයක් හදන්න ඕනෑ. වැඩිපුර ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා අපේ පියාසර පාසල් ශක්තිමත් කිරීමට අවශ්‍යයි. ඒවායේ වැඩකටයුතු පහසු කරන්න ඕනෑ. මොකද මේක දීර්ඝකාලීන වැඩපිළිවෙළක කොටසක් බවට අනිවාර්යයෙන් පත්වෙන්න ඕනෑ. ඒ නිසා දැන් අප කඩිනමින් පුහුණු වැඩසටහන් ඇරඹිය යුතුයි. ගුවන් නියමුවන් පුහුණු කිරීමේදී අපට තිබෙන එකම ප්‍රශ්නය, ගුවන් නියමුවන් පුහුණු කළත් ඉන්පසු අවශ්‍ය පියාසර පැය ගණන සොයා ගැනීමයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට යානා 23ක් තිබෙනවා. ඒවායෙන් පමණක් අපට මේ අවශ්‍ය පියාසර පුහුණුව ලබා ගැනීමට පුළුවන්කමක් නෑ. අලුතින් එයාර් ලයින්ස් දැන් ලංකාවේ අරඹනවා. එහෙම අලුතින් පටන් ගන්න එයාර් ලයින්ස්වලට අප පුළුවන් තරම් සහයෝගය දෙන්න ඕන.
“ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් එකට ඒකාධිකාරියක් දෙන එකට මම විරුද්ධයි. මොකද තව අලුතෙන් එයාර්ලයින්ස් 10ක් විතර ඇති වුණා නම් මෙහේ ඉඳන් මාලදිවයිනට යන්න, එහෙමත් නැත්නම් ඩුබායිවලට යන්න, එහෙමත් නැත්නම් චෙන්නායිවලට යන්න, කෙටිදුර ගමන් සඳහා එයාර්ලයින්ස් තියෙනවා නම් අපට ඒවායේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කාර්යයත් කරන්න පුළුවන්. අවශ්‍ය ෆ්ලයිං අවර්ස් එයාලට දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා ප්‍රයිවට් එයාර්ලයින්ස්වලට පුළුවන් තරම් සහයෝගය ලබා දෙන්න. අනෙක තමයි, එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා මේ රට අත ඇරලා යන බවට ලොකු ආන්දෝලනයක් තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ලෝකයේ සෑම රටකම ගුවන් ගමන් පාලකවරුන් බඳවාගන්න උපාධිය බලන්නේ නැහැ. අපේ රටේ විතරයි උපාධියක් අවශ්‍ය. ඒ නිසා අප දැන් කල්පනා කරන්න ඕනෑ මේ සුදුසුකම් අඩු කරන්න. ”
මහින්ද අලුත්ගෙදර
නව අදහස දක්වන්න