අජිත් ප්‍රසන්නට අධිකරණයෙන් ලැබුණු තීන්දුව | දිනමිණ

අජිත් ප්‍රසන්නට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කරයි.
 
එසේම මෙම සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කර ඇත. එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් කෙරුණි.
 
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නව අදහස දක්වන්න