කොළඹ සරසවි සිසුවිය ඝාතනය
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පසිඳු චතුරංග සරසවි සිසුවාගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ පරික්ෂණ සඳහා ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයකු අද (24) බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රැඳවූවාගේ අදාළ පරික්ෂණ සම්බන්ධ 'බී' වාර්තාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම රැඳවූවා පිළිබඳ ලබා ගන්නා මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කෙරෙනු ඇත.
මෙම සිසුවා කලක් මානසික රෝගයකින් පෙළුණු බවට අධිකරණයට ඔහුගේ සායනික කාඩ්පත් ඉදිරිපත් කළ අතර ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා දෙන්නැයි අධිකරණය මගින් නියෝග කිරීම හේතුවෙන් ඔහුව පසුගිය 19දා වැලිකඩ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර එම රෝහලට ඇතුළත් කරන ලදී. පසිඳු චතුරංග රැඳවූවා පසුගිය 18 දා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 'එල්' වාට්ටුවට ඇතුළත් කෙරිණි.
බුද්ධිකා ඉඹුලාන
නව අදහස දක්වන්න