ටිබෙට් ජනතාවගේ ආධ්‍යත්මික නායකයා ලෙස සැලකෙන දලයිලාමාතුමාට සෙත් පතා දැවැන්ත වැඩසටහනක් ඉන්දියාවේ දරම්සාලා නුවර එතුමා වාසය කරන ආශ්‍රමයේදී පැවැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වැඩසටහනට ටිබෙට් ජාතිකයන් සහ දලයිලාමාතුමාගේ ඉන්දීය ජාතික අනුගාමිකයන් විශාල පිරිසක් සහභාගි වී ඇතැයි ද වාර්තා වේ. 5 හැවිරිදි වියේදී ටිබෙට් ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා බවට පත් වූ දලයිලාමාතුමා අවුරුදු 15දී ටිබෙටයේ මිලියන 5ක ජනතාවගේ දේශපාලන නායකයා බවට පත්වූ අතර, 50 දශකයේදී ටිබෙට් දේශය චීන පාලනයට නතු වීමෙන් පසු පැනැවූ නොයෙකුත් නීති කොන්දේසි හේතුවෙන් රට හැර ගියේය. මේ වන විට එතුමා දශක 6කට වැඩි කාලයක් ඉන්දියාව සිය වාසභූමිය කර ගනිමින් දරම්සාලා නුවර වාසය කරන අතර, විවිධ අවස්ථාවන්හිදී ටිබෙට් ජාතිකයන්ගේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටී. නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා ඇති දලයිලාමාතුමා රාජ්‍යයන් 62ක සංචාරය කරමින් විවිධ දේශන පවත්වා ඇත.
නව අදහස දක්වන්න