‘ඩොමේන්’ නාමය සිංහලෙන් - දෙමළෙන් ලේක්හවුස් ප්‍රකාශනත් එක්වෙයි | දිනමිණ

‘ඩොමේන්’ නාමය සිංහලෙන් - දෙමළෙන් ලේක්හවුස් ප්‍රකාශනත් එක්වෙයි

හර්ෂ විජයවර්ධන

මෙරට අන්තර්ජාල ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් සලකුණු කරමින් වසම් නාමයන් (Domain Name) සිංහල සහ දමිළ භාෂාවෙන් (Dot Lanka (.ලංකා) and Dot Illangai ලබා ගැනීමට ඊයේ (06) සිට හැකියාව ලැබිණි.

මෙරට විශාලතම මාධ්‍ය ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය මෙරට මාධ්‍ය ආයතන අතර සුවිශේෂී වෙමින් ඊයේ (06) සිට මේ තාක්ෂණය හා එක්විය. ඒ අනුව ලේක්හවුස් ආයතනයද සිය ප්‍රකාශනවලට අදාළ ඩොමේන් නාමයන් සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් ඉදිරිපත් කරනු ලැබේ.

එසේම ඉදිරියේදී ඊමේල් ඩොමේන් නාමයන්ද සිංහල සහ දමිළ භාෂාවෙන් ගැනීමට හැකියාව ලැබෙන බවත් එසේම ඉහත ඩොමේන් නාමයන් යටතේ සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් ඊමේල් ලිපිනයන් ගැනීමටද හැකියාව ඉදිරියේදී ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පාසලට (UCSC) අනුබද්ධ ලාභ නොලබන ආයතනයක් වන තීක්ෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හර්ෂ විජයවර්ධන මහතා පැවසීය.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න