Tuesday, දෙසැම්බර් 6, 2022 - 13:20
වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.
නීති විරෝධිව දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබා දෙන බව පවසා ප්‍රධාන පෙළේ රෝහලක් තුළදී වකුගඩු ලබාගැනීම සිදුකර මුදල් ලබා නොදීමක් සම්බන්ධව පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිලිවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ඊයේ (05) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු වයස අවුරුදු 41 ක් වන කජිමාවත්ත, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
සැකකරු වකුගඩු මුදලට ලබා දෙන පුද්ගලයා හා ලබා ගන්නා පාර්ශවය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් තැරුව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, මොහු තැරැව් ගාස්තුවලට අමතරව වකුගඩුව ලබා දෙන පුද්ගලයාට ලබා දීමට අනෙක් පාර්ශවය විසින් ලබා දෙන මුදල්වලින් කොටසක් වංචා කර ඇති බවට අනාවරවණය වී ඇත.
සැකකරු අද (06) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
නව අදහස දක්වන්න