දශක හයකට වැඩි කාලයක් ශාසනය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමක් වූ කළුතර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරන්දර වාද්දුව මැස්ටිය සුනේත්‍රාරාම විහාරාධිපති බඩල්කුඹුරේ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගිය සිකුරාදා (25) මළ හිරු බැස යන සමයේදී දැයෙන් සමු ගත්හ.
කුඩා අවදියේදී පැවිදි දිවියට ඇතුළත් වූ උන් වහන්සේ දශක හතරකට වැඩි කාලයක් විහාරාධිපති ධුරය හෙබ වූහ. පළාතේ වැඩ වාසය කළ සිල්වත් ගුණවත් භික්ෂුවක් ලෙස ගිහි පැවිදි කා අතරත් ජනාදරයට පත් උන් වහන්සේ වර්තමානයේ විහාරස්ථානය පත්ව ඇති දියුණුව වෙනුවෙන් කළ කැප කිරීම අතිමහත්ය. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ දහම් දැනුම පෝෂණය කිරීම වෙනුවෙන් ඇරඹි ශ්‍රී සුගත දහම් පාසලෙහි ප්රධානාචාර්යවරයා ලෙස ඉමහත් සේවාවක් කළ සංඝ පීතෘවරයෙකි. කළුතර පළාතේ ශාසනික හා සාමාජීය කටයුතුවලදී ප්‍රමුඛතා ගෙන කටයුතු කළ උන් වහන්සේ ශාසනය වෙනුවෙන් ඉටු කළ සේවය වෙනුවෙන් ශ්‍යාමෝපාලි මහ නිකායෙන් පිදෙන “කීර්ති ශ්‍රී ධම්මානන්ද සොමානනදභිධාන ගෞරව” නාමයෙන් ද කළුතර දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් ද පිදුම් ලැබූහ. සමස්ත ලංකා සාමවිනිසුරු ධුරයෙන්ද පිදුම් ලැබූ උන් වහන්සේ අපවත් වන විට 83 වැනි වියෙහි පසු විය.
පළාත්වාසි කාගේත් සෝ සුසුම් මැද අද (28) මැස්ටිය පොදු ක්‍රීඩාංගණයේදී උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදු කෙරේ.
අප නායක හාමුදුරුවන් වහන්සේට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා!
ඉංජිනේරු- කුමාර පෙරේරා විජේසිංහ
සාමවිනිසුරු - මුළු දිවයිනටම
නව අදහස දක්වන්න