පාකිස්තානය ලෝක ප්‍රජාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරන බවට ඉන්දියාවෙන් චෝදනා | දිනමිණ

පාකිස්තානය ලෝක ප්‍රජාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරන බවට ඉන්දියාවෙන් චෝදනා

කාශ්මීරය සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කරන බවට පාකිස්තානයට ඉන්දියාවෙන් චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ. පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවාදයකදී කාශ්මීරයේ ගැටලු සම්බන්ධව පාකිස්තානය විසින් සිදු කළ එම ප්‍රකාශ සාවද්‍ය බවට ඉන්දියාව සඳහන් කර තිබේ.

පාකිස්තානය ජම්මු කාශ්මීරය පිළිබඳ අනවශ්‍ය ලෙස සඳහන් කර ඇතැයි ද පාකිස්තානයේ නියෝජිතයාගේ විශ්වාසය කුමක් වූවත් කාශ්මීරය තවදුරටත් ඉන්දියාවේ පාලනය යටතේ පවතින නිදහස් කලාපයක් බව එහිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත ප්‍රටික් මතූර් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් අතරතුර පැවැති සාකච්ඡාවේදී ඉන්දියාවේ නිත්‍ය නියෝජිතවරයා මේ අදහස් පළ කර තිබේ. පාකිස්තානයේ එම සාවද්‍ය ප්‍රකාශ බහුපාර්ශ්වික සංසදවල සාමුහිකත්වය අභියෝගයකට ලක් කිරීමක් බවත් ඔහු පෙන්වා දී තිබේ.

ජම්මු කාශ්මීරයේ ජන ජීවිත නඟා සිටුවීමට සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට මධ්‍යම රජයෙන් පියවර රැසක් මේ වන විට ගෙන ඇති අතර, එම ප්‍රාන්තයේ අධ්‍යාපන පහසුකම් වැඩි කිරීමට ද කටයුතු කර තිබේ.

 

නව අදහස දක්වන්න