ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද 2020 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උලෙළේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මාන ලැබීමට නෙස්ලේ ලංකා සමාගම සමත් විය. ‘යහපත් ආහාර, යහපත් ජීවිතය’ යන තේමාව යටතේ ක්‍රියා කරන නෙස්ලේ සමාගම මෙරට අලෙවි කරන සිය නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි සිය කර්මාන්තශාලාවේදී නිපදවයි.
‘ශ්‍රී ලංකාවේ තත්ත්ව සහතිකකරණය සඳහා ඇති ජාතික ආයතනය වෙතින් අපගේ තත්ත්ව ප්‍රමිතීන් අගයමින් මෙවැනි සම්මානයක් හිමි වීම අපට විශාල සතුටක්. උසස් තත්ත්වය සහ ආහාර සුරක්ෂිතතාව යනු නෙස්ලේ ආයතනයේ පදනමයි. එම නිසා අපගේ පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන ලබා දෙන අතර, ඒ වෙනුවෙන් අප සතු දැඩි කැපවීම මෙම සම්මානය හරහා හොඳින් පිළිබිඹු වෙනවා. ප්‍රධාන පෙළේ ආහාරපාන නිෂ්පාදන සමාගමක් වශයෙන් වසර 115ක් පුරා සිදු කළ අයුරින්ම ඉදිරියේදීත් මෙරට පාරිභෝගිකයින්ට රසයෙන් සහ ගුණයෙන් පරිපූර්ණ නිෂ්පාදන පිළිගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා’ යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා ප්‍රකාශ කළේය.
නව අදහස දක්වන්න