Diva Fresh රෙදි සෝදන කුඩු ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කරයි | දිනමිණ

Diva Fresh රෙදි සෝදන කුඩු ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කරයි

Diva Fresh යනු සියලුම සමාජ හා ආර්ථික මට්ටම්වල පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණය දිනාගත් රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදනයක් වන අතර, එම නිෂ්පාදනය ප්‍රභේද කිහිපයක් යටතේ ලබා ගත හැකිය. එහි අඩංගු 3-in-1 පර්ෆියුම් මැජික් නිසා ඇඳුම්වලට දිගු කල් පවතින සුවඳක් ලබා දෙන අතර, Fiber Clean තාක්ෂණය හා Optical Brighteners මඟින් ඇඳුම් ඉතා හොඳින් පිරිසිඳු කර, දීප්තිමත් බවක් ලබා දෙයි. එමෙන් ම නැවුම් රෝස, නිල් මානෙල් සහ ලැවෙන්ඩර්, අරලිය, පිච්ච හා සේපාලිකා ආදී වශයෙන් විවිධ සුවඳ වර්ගවලින් ලබා ගත හැකි Diva Fresh රෙදි සෝදන කුඩු නවීන තාක්‍ෂණය භාවිතයෙන්, ඉහළ ම ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව ද සඳහන් කළ යුතු ම ය.

මෑතක දී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් Diva Fresh ග්‍රෑම් 700 රෙදි සෝදන කුඩු පැකැට්ටුව, මෙරට ඩිටර්ජන්ට් වෙළෙඳපොළේ පවතින අවම මිල ගණන් නිසා වඩා ජනප්‍රිය මෙන් ම වඩාත් ඉල්ලුමක් සහිත නිෂ්පාදනය බවට පත් වී ඇත. නව, ග්‍රෑම් 700 ඇසුරුම ඇතුළු සමස්ත Diva Fresh නිෂ්පාදන පෙළ වඩාත් පාරිභෝගික ආකර්ෂණයට ලක් වී ඇත්තේ ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල නිසා ම ය.

හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කාණ්ඩ කළමනාකාරිනි (Category Manager) අනුෂ්කා සබානායගම් මහත්මිය පැවසුවේ, " Diva Fresh රෙදි සෝදන කුඩු නිෂ්පාදන පෙළ සැම විට ම ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට සමීප වෙළඳ සන්නාමය නිරන්තරයෙන් ම පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා. ඒ වගේ ම අපි පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම මෙන් ම විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා." යනුවෙනි.

නව අදහස දක්වන්න