ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවාවන් සපයන ආයතනයක් වන Align Dental Care ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් දන්ත වෛද්‍ය ශල්‍යාගාර පහසුකම් හඳුන්වා දෙමින් ඩිජිටල් තාක්ෂණයෙන් සමන්විත නව ශල්‍යාගාර 3ක් Align Digital නමින් 32 ක්,ශ්‍රී සරණංකර පාර, දෙහිවල යන ස්ථානයේදී 2022 නොවැම්බර් 20වැනි දින විවෘත කරනු ලැබීය. මුඛ සෞඛ්‍යය නීරෝගීව පවත්වා ගැනීම සඳහා උපකාරී වන සියලු ප්‍රතිකාර සහ සේවාවන් ලොව නවීනතම ඩිජිටල් තාක්ෂණික පහසුකම් සහිතව එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම Align Digital ඒක මෙම නව ශල්‍යාගාර හරහා උදාකර දී තිබේ.
ශ්‍රී ලාංකේය දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය තුළ වසර 13ක් පුරා ජනතාවගේ විශ්වාසය දිනා සිටින Align Dental Care හි විශේෂත්වය වනුයේ සිය ප්‍රතිකාර සඳහා නවීනතම තාක්ෂණය යොදාගැනීමය.
ඒ අනුව ශ්‍රී ලාංකේය දන්ත ශල්‍යාගාර ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස Align Dental Care විසින් සිය සේවාවන්හි ප්‍රමිතිය තවදුරටත් ඉහළ නංවමින් ඩිජිටල් තාක්ෂණික පහසුකම්වලින් සැදුම්ලත් Align Digital 2022 නොවැම්බර් 20 වැනි දින සිට ජනතාව වෙනුවෙන් විවෘත කර ඇති අතර, ප්‍රතිකාරවලින් පසුව තමන්ගේ මුහුණේ සහ දත්වල හැඩය කෙබඳු ආකාරයක් ගනීද යන්න ප්‍රතිකාරවලට පෙර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දැක බලා ගැනීමේ පහසුකම රෝගීන්ට සලසා දී තිබීම මෙහි ඇති විශේෂත්වයකි. මෙම ඩිජිටල්කරණ පහසුකම් හේතුවෙන් ප්‍රතිකාරවලදී මුහුණේ සහ දත්වල හැඩය තමන්ගේම රුචිකත්වය අනුව සකස් කර ගැනීමේ අවස්ථාවද Align Digital හිදී ඔබට උදාවෙයි.
නවීනතම දන්ත වෛද්‍ය තාක්ෂණය භාවිතයෙන් රෝගීන් විනිශ්චය කර ඔවුන්ට වඩාත්ම ගැළපෙන දන්ත සෞඛ්‍ය විසඳුම් ලබාදෙන Align Dental Care දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රතිකාර සහ පහසුකම් පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ආයතනය ලෙස නම් දරා සිටියි. Align Dental Care සිය සේවාවන්හි විශිෂ්ටත්වය වෙනුවෙන් ෂීධ 9001:2015 ප්‍රමිති සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.
නව අදහස දක්වන්න