Friday, නොවැම්බර් 25, 2022 - 01:00
පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා 18 හැවිරිදි තුන් ඉරියව් යොවුන් ක්‍රීඩක රෙහාන් අහ්මඩ් කැඳවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඔහු මුලින් දඟ පන්දු යවන්නකු ලෙස පාකිස්තාන සංචාරයට එක්වීමට නියමිතව සිටි අතර, මේ තරගාවලියේදී ඔහු ටෙස්ට් වරම් හිමිකර ගත හොත් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ළාබාලතම ක්‍රීඩකයා ලෙස රෙහාන් ඉතිහාසගත වනු ඇත.
ලෙස්ටර්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරන පාදඟ පන්දු යවන්නකු වන රෙහාන් මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 3කට පමණි. එහිදී කඩුලු 5ක් බිඳ දමා ඇති ඔහු ශතකයක් ද වාර්තා කර තිබේ.
නව අදහස දක්වන්න