Thursday, නොවැම්බර් 24, 2022 - 14:50
පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක්වන සුපිරි පාපන්දු ගැටුම අද(24) ඝානාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් ලෝකෙම බලාසිටින තරගයට ඔන්න මෙන්න තිබියදී විදෙස් මාධ්‍ය වාර්තා කළ පුවතක් වෙත මේ වනවිට පාපන්දු ලෝකයේම අවධානය යොමුව තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ දී දේශීය තරඟයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග 02ක තහනමක් පනවා තිබේ.
කෙසේ වෙතත් 2022 FIFA ලෝක පාපන්දු කුසලානය සඳහා අද ඝානාවට එරෙහිව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක්වන සුපිරි තරඟය හා තරඟාවලියේ ඉදිරියේ පැවැත්වෙන තරඟවලට මෙම දේශීය තරඟ තහනම මගින් බාධාවක් එල්ල නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මීට පෙර අවස්ථා රැසකදීද 37 හැවිරිදි රෝනාල්ඩෝට එරෙහිව පාපන්දු සම්මේලනයෙන් දඬුවම් නියමවී තිබේ.
ඉන් එක් අවස්ථාවකදී විනිසුරුවරයා තල්ලුකර දැමීමේ චෝදනාවකට ඔහුට තරඟ තහනමක් නියමකරනු ලැබිණි.
තවද මීට පෙර අවස්ථා කිහිපයකදීම නීති විරෝධී ගෝල සැමරුම් සම්බන්ධයෙන්ද රොනාල්ඩෝට එරෙහිව දඬුවම් නියමවී ඇත.
සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ තරඟ වදින ඝානාව සහ පෘතුගාලය අතර තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ට ආරම්භවීමට නියමිතය.
නව අදහස දක්වන්න