Thursday, නොවැම්බර් 24, 2022 - 15:06
මරණ දඩුවම නියමව සිටි හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය අද(24) නොතීසි නිකුත් කළේය.
හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණ දඩුවම නියමව සිටියේය.
දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙසේ නොතීසි නිකුත් කෙරුණි.
ඒ අනුව ලබන මස 16වැනිදා කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ බිරිද සුමනා ප්‍රේමචන්ද්‍ර යන අය ඇතුළු කිහිප දෙනෙකු මෙම පෙත්සම් ගොණු කර ඇත.
නව අදහස දක්වන්න