ප්‍රංශයෙන් යෝධ ගෝල්ඩ් ෆිෂ් මත්සයෙක් | දිනමිණ

ප්‍රංශයෙන් යෝධ ගෝල්ඩ් ෆිෂ් මත්සයෙක්

 
ධීවරයෙක්වන ඇන්ඩි හැකට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ප්‍රංශයේ සංචාරයක යෙදී සිටිය දී ඉතා දැවන්ත ගෝල්ඩ් ෆිෂ් මත්සයෙක් අල්ලා ගෙන ඇත.
 
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම යෝධ තැඹිලි පාට ගොල්ඩ් ෆිෂ් ‘ද කැරට්’ ලෙස නම් කර ඇති බවයි. 
 
මෙම මත්ස්‍යයා රාත්තල් 70කට ආසන්න බරකින් යුක්ත බව සදහන් වේ.  42 හැවිරිදි ඇන්ඩි හැකට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ප්‍රංශයේ ‘බ්ලූ වෝටර්’ විලේ මසුන් අල්ලමින් සිටියදී මෙම මාළුවා අසු වී තිබේ. 
 
සමාජ මාධ්‍යවල ඇතැමුන් මෙම මත්ස්‍යාව "රකුසෙක්" ලෙස හදුන්වා ඇත. 
 
මෙම කැරට් නමින් හැදින්වෙන මත්ස්‍යයා කෝයි සහ ලෙදර් කාෆ් මසුන් දෙවර්ගයේ දෙමුහුම් ප්‍රභේදයකට   අයිති බව සදහන් කෙරේ.
 
මෙම මාළුවා අල්ලා ගැනීම සඳහා විනාඩි 25 ක් පමණ වෙහෙස වීමට සිදු වූ බව ඇන්ඩි ප්‍රකාශ කර ඇත.
 
තවමත් මෙය නිල ලෝක වාර්තාවක් නොවූවත් ලෝක වාර්තාව උසුලන මාළුවාට වඩා කිලෝ ග්‍රෑම් 13ක් බරින් වැඩි බැවින් මෙම මාළුවාට පවතින ලෝක වාර්තාව බිඳ දැමිය හැකි බව නිව්යෝර්ක් පොස්ට් පුවත්පත පෙන්වා දී තිබේ.

නව අදහස දක්වන්න