- තවත් 151ක් අතුරුදන්: තුවාලකරුවෝ දහසකට වැඩියි
- වැඩි පිරිස පාසල් සිසු සිසුවියෝ
ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව පෙරේදා හටගත් දරුණු භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඊයේ පස්වරු වන විට 268 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 151ක් දෙනකු තවමත් අතුරුදන් බව වාර්තා වේ. රිච්ටර් මාපකයේ 5.6 ක අගයකින් යුතුව පෙරේදා සිදු වූ මේ භූ කම්පනයෙන් තුවාල ලබා රෝහල්ගත වූ පිරිස දහසකට වැඩි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියගිය සහ තුවාල ලැබූ වැඩි පිරිස පාසල් සිසු සිසුවියන් බව ජාවා දූපත් ආණ්ඩුකාරවරයා වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ. භූ කම්පනයෙන් අවතැන් වූ පනස්දහසකට වැඩි පිරිසක් මේ වන විට වෙනත් ස්ථානවලට පිටත් කර ඇතැයි ද වාර්තා වේ. භූ කම්පනයෙන් නිවාස 22,000ක් පමණ විනාශයට පත්ව ඇති අතර, මෙහෙයුම් කණ්ඩායම් දිවා රෑ නොබලා අතුරුදන් වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් සෙවීමේ කටයුතුවල නිරතව සිටී.
නව අදහස දක්වන්න