මිනුවන්ගොඩ වෙඩි තැබීමක් - එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මරුට | දිනමිණ

මිනුවන්ගොඩ වෙඩි තැබීමක් - එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මරුට

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මරණයට පත්ව ඇත. 
 
අද (06) උදෑසන 7ට පමණ ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය සදහන් කරයි.
 
පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරනු ලැබේ.
 
මෝටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩිවැදීමට ලක්වූ  පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. 

නව අදහස දක්වන්න