Thursday, ඔක්තෝබර් 6, 2022 - 08:42
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත.
ඊයේ (05 ) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ බව තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතී.
ඉදිරි කාලපරිච්ඡේදය තුළ අපේක්ෂිත උද්ධමන මාවත සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් කොන්දේසි ප්‍රමාණවත් තරම් තදින් පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. හැකිලීමේ මූල්‍ය ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑමට අනුපූරක වන අතර, සමස්ථ ඉල්ලුම් පීඩනයේ ඕනෑම ගොඩනැගීමක් අවම කිරීමට උපකාරී වේ. එමඟින් උද්ධමන අපේක්ෂාවන් ඉලක්කගත මට්ටමට වඩා සියයට 4-6 දක්වා පහත හෙලනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව අදහස දක්වන්න