ඉරානයේ කාන්තා හිංසනයට, නිදහස සීමා කිරීමට සහ හිජාබය අනිවාර්ය කිරීමට එරෙහිව එරට වීදි බැස සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව දිරිගන්වමින් ලොව පුරා රාජ්‍යයන් රැසක ජනතාව ඊට සහාය පළ කරමින් වීදි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හිස් වැස්ම පිළිබඳ ගැටලුවක් මුල් කරමින් පසුගියදා අත්අඩංගුවට පත් වූ මහ්සා අමිනි නමැති 22 හැවිරිදි තරුණියක් පොලිසිය තුළ මිය යෑමෙන් පසු මේ විරෝධතාව ඉරානය පුරා පැතිරී ගොස් තිබිණී. කාන්තාවන්ට නිදහස ඉල්ලා ඉරාන රජයට කෙරෙන මේ බලපෑම පසුගිය දින කිහිපය ඇතුළත විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ. මහ්සා අමිනිගේ මරණය මතින් ඉරානයේ කාන්තාවන්ට සදාකාලික නිදහස ලැබෙන තුරු සටන අත් නොහරින බව එරට තරුණ තරුණියන් රජයට අනතුරු අඟවා තිබේ.
මේ වන විට නවසීලන්තයේ ඕක්ලන්ඩ්, එංගලන්තයේ ලන්ඩන්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, අමෙරිකාවේ නිව්යෝක්, ප්‍රංසයේ පැරිස්, ඉතාලියේ රෝමය, දකුණු කොරියාවේ සෝල් වැනි ලොව ප්‍රධාන නගර රැසක ඉරානයේ කාන්තාවන්ට සහාය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වේ.
නව අදහස දක්වන්න