කොවිඩ් වසංගතයෙන් සහ යුක්රේන යුද්ධයෙන් පසු ලොව මුහුණ පා සිටින තුන්වැනි අර්බුදය ගෝලීය ආර්ථික අර්බුදය බව ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්ත දාස් ප්‍රකාශ කර තිබේ. එවැනි තත්ත්වයක වුවත් මහ බැංකුවේ පොලී අනුපාතිකය ඉහළ දමමින් උද්ධමනය මැඬ පවත්වා ගැනීමට සහ දේශීය ආර්ථිකය ඉහළ මට්ටමක තබා ගැනීමට ඉන්දියාව සමත්වී ඇතැයි ඔහු සඳහන් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය දෙවසර ඇතුළත ලොව විශාලතම කම්පන දෙකකට මුහුණ දී ඇති බව අවධාරණය කළ ඉන්දීය මහ බැංකුවේ අධිපතිවරයා එමඟින් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ප්‍රකාශ කර තිබේ.
ආක්‍රමණශීලි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දියුණු රාජ්‍යයන් පවා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, ගෝලීය ආර්ථික පසුබෑම හේතුවෙන් නව වෙළෙඳපොළ ජාත්‍යන්තර වශයෙන් පහත වැටී ඇති බව සඳහන් කර ඇත.
නව අදහස දක්වන්න