Wednesday, ඔක්තෝබර් 5, 2022 - 13:10
වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබාදෙන උදෑසන ආහාරය ගැනීමෙන් පසු අද (05) හදිසියේ රෝගාතුරවී වැල්ලවාය මූලික රෝහලට ඇතුලත්කර ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
උදෑසන ආහාරය ගැනීමෙන් පසු කලන්තය,වමනය සහ බඩේරුදාව වැළඳීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දාහත්දෙනෙකු මෙලෙස රෝහල් ගතකර තිබේ.
මේ පිළිබඳව වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ රෝහල්ගතව සිටින දරුවන්ගේ තත්වය බරපතල නොවන බවත් සිද්ධිය පිළිබඳව දිගටම පරීක්ෂණ පවත්වාගෙන යන බවත්ය.
නව අදහස දක්වන්න