මෙම දුසේරා පූජාව පැවැත්වීමට මහ පොළව මත ලංකා සිතියම සකස්කොට ඒ මත මහා රාවණයන්ගේ විශාල පිළිරුවක් සවි කරනු ලබයි. ඒ අසලින්ම රාවණගේ සොහොයුරු කුම්භකර්ණ සහ රාවණ පුත් ඉන්ද්‍රජිත් හෙවත් මේඝනාදයන්ගේද පිළිරූ ඉදිකරනු ලබයි. ඉන්පසු සෙරෙප්පුවලින් තැනූ මල්මාල එම පිළිරූවලට පළඳවයි. අනතුරුව ඒවාට ඊතලවලින් විද පුළුස්සා දමයි. අනතුරුව ඉන්ද නොනැවතී කාන්තාවන් විසින් සෙරෙප්පු සහ පොල්වලින් පහර දෙමින් කෙළ ගසනු ලබයි. පිළිම ගිනිගෙන දැවී යන තෙක් ‘දුෂ්ට රාවණා මැරියන්’ සහ ‘දුෂ්ට රාවණාට නැගිටින්නට බැරිවෙයන්’ යන අරුත් ඇති වැකි කියමින් බොහෝ වේලාවක් සාප කරනු ලබයි.
මෙසේ සාප කිරීමේ ප්‍රබල හේතුව වන්නේ අක්ෂරවල තිබෙන බලයයි. මන්ත්‍ර ජප කිරීමෙන් බලයක් ඇතිවන්නාක් මෙන්, දහස් සංඛ්‍යාත ජනතාවක් එකවර එලෙස සාප කිරීමෙන් කිසියම් බලයක් ශක්තියක් උපදියි. මේ බව හොඳින් දන්නා ඉන්දියානුවන් රටේම ජනයා ඒකරාශී කරමින් රට පුරා එකම වේලාවක දුසේරා පූජාව සිදුකරන්නේ රාවණයන් යළි නැගිටීම වළක්වාලීම සඳහාය. දසදහස් සංඛ්‍යාත පිරිසක් හදවතේ සැබෑ ක්‍රෝධයක් උපදවාගෙන ‘දුෂ්ට රාවණා මැරියන්’ යන අදහසින් එකම මොහොතක නොකඩවා මහා හඬින් පවසා සිටීමෙන් එය බලයක් බවට පත් වෙයි. ශක්තියක් බවට පත්වෙයි.
එසේනම් මෙවැනි අවස්ථාවකදී, මෙවැනි ශාප කිරීමකදී අප විසින් කළ යුත්තේ කුමක්ද? අප ද විශාල පිරිසක් ඒකරාශීකොට, එකම වෙලාවක, එකම හඬින් ‘රාවණා යළි නැගිටිනු’ යනුවෙන් නොකඩවා අධිෂ්ඨානශීලීව විශාල හඬකින් පවසා ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමයි.
නව අදහස දක්වන්න