ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාපති හමුවක් | දිනමිණ

ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාපති හමුවක්

ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් හැන් ජොන්හුන් මහතා (Lt. Col Han Jonghun) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතර හමුවක් ඊයේ(04) සිදු විය.
 
ඒ නාවික හමුදා මූලස්ථානයේදී ය.
 
ලුතිනන් කර්නල් හැන් ජොන්හුන් මහතා, ඉන්දියාවේ කොරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු වූ ප්‍රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිළ හමුවේදී නාවික හමුදාධිපති සහ කොරියානු ආරක්‍ෂක උපදේශක ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.
 
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

නව අදහස දක්වන්න