Sunday, සැප්තැම්බර් 25, 2022 - 09:14
වසර ගනනාවක සිට සැලසුම් කර මැදවච්චියේ රක්ෂිතයක් තුල පුරා වස්තු හාරමින් සිටියදී තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවැසීය.
මැදවච්චිය 211 පාබල බලසේනා මුලස්තානයේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මඩුකන්ද පොලිස් වීශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව , මැදවච්ච්ය ඉසින්බැස්සගල රක්ෂිතයේ මෙම වැටලීම සිදු කර ඇත.
මීට වසර දෙකකට පමන පෙරද මෙම සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙක් මෙම නිධානයම හාරමින් සිටින අතරතුරද අත් අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට තිබේ. අනතුරුව නිදහස් ව පැමිණ නැවතත් මෙම නිධාන ගොඩ ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
අත් අඩංගුවට පත් පිරිසගෙන් කළ විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මේ සඳහා ප්‍රදේශයේ ගල් කොරියක හිමිකරුවන් දෙදෙනෙකුගේ සහය සහ මුදල් ද තමන් වෙත ලැබුණු බවයි.
අනතුරුව මෙම තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මැදවච්ච්ය පොලීසිය වෙත භාරදී ඇත.
(මැදවච්චය - සජිත් ගයාන් උබේපාල)
නව අදහස දක්වන්න