හොන්ඩියුරස් දේශයේ හිටපු ජනාධිපති පොර්ෆිරියෝ ලෝබෝගේ බිරිය වන රෝසා එලේනාට එරට අධිකරණයෙන් දූෂණ වංචා චෝදනා මත වසර 14ක සිරදඬුවම් නියම කර ඇත. පසුගියදා හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස වට කළ හමුදා පොලිසිය ඇය අත්අඩංගුවට ගත් අතර, ඒ සඳහා පොලිස් වාහන 6ක් පැමිණ ඇතැයි වාර්තා වේ. ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ වසර 2016දී හිටපු ජනාධිපතිවරයාගේ සිව් අවුරුදු නිල කාලය අවසන් වීමට දින පහකට පෙර 48 හැවිරිදි ඇයගේ බැංකු ගිණුමට රජයේ අරමුදලින් ඩොලර් ලක්ෂ 6ක් තැන්පත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙනි. ලෝබෝගේ පාලන සමයේදී ඇය සුපිරි ජීවිතයක් ගත කර ඇති අතර, ඇගේ කාර්යාලය පවත්වාගෙන යෑමට ඩොලර් මිලියන 6ක රජයේ මුදල් අවභාවිත කළ බවට ද චෝදනා එල්ල වී තිබිණි.
නව අදහස දක්වන්න